top of page

අතිපූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ

thero01.jpg

අම්බලන්ගොඩ රන්දොඹේ මහාචේතිය පරිවේනාධිපතිව වැඩ විසූ තොටගමුවේ පඤ්ඤාමෝලීතිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා විනයාචාර්ය බේරුතුඩුවේ ධම්මධාර තිස්ස හිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙක් වූ රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස හිමිපාණෝ සෝමසිරි තිස්ස නාහිමියන්ගේ තවත් පැවිදි සහෝදරයෙක් වූහ. 1943 වර්ෂයේදී නාගදීපයට වැඩම කළ උන්වහන්සේ නාගදීප විහාරාධිකාරත්වය ලැබූහ. ඉන්පසු දූපත්වාසී දෙමළ ජනතාවට සෝමසිරි තිස්ස නාහිමියෝ පෙරියසාමි(ලොකු හාමුදුරුවෝ) ද ධම්මකිත්ති හිමියෝ සින්නසාමි(පොඩි හාමුදුරුවෝ) ද වූහ. උන්වහන්සේලා දෙනම එක් වී බෞද්ධ සැදැහවතුන්ගේ මුදල් ආධාරයෙන් එවකට රුපියල් දෙලක්ෂ පනස්දහසකට ඇස්තමේන්තු කරන ලද විහාර මන්දිර ගොඩනැගිල්ල රුපියල් අනූහයදහසක මූලික වියදමින් ඉදිකරවන ලදි. එමෙන්ම කුඩා ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක්ද පොත්ගුල් විහාරයද ගොඩ නැංවින. බුද්ධ ප්‍රතිමා මන්දිරයට යාබද වන සේ කුඩා දේවාලයක්ද ඉදි විය. එමෙන්ම නාගදීප විහාරයට වැඩම කරන මහා සංඝ රත්නයට නවාතැන් ගැනීම සඳහා කාමර 5කින් හා මැද සාලයකින් යුත් ලැගුම් ගෙයටද මුල්ගල් තැබීම සිදු විය. මීට අමතරව අති විශාල සේවයක් උන්වහන්සේ අතින් නාගදීප විහාරයට ඉෂ්ට සිද්ධ විය.

එපමණක් නොව, නාගදීපය ගොඩනැංවීමේ කටයුතු අතරම තමන් දන්නා ශිල්පය උපයෝගී කරගෙන එයින්ද සේවයක් කිරීමට උන්වහන්සේ අමතක නොකළහ. එබැවින් උන්වහන්සේ ග්‍රන්ථකරණයේද යෙදිණි. බැමිණිතියා මහාසෑය, නාගදීපය, නාගදීප කාව්‍යය, ධර්මකීර්ති ප්‍රබොධ ලිපි, බෞද්ධ වන්දනා ගාථා, සොළොස් මහා ස්ථාන, සිංහල-දෙමළ පුහුණුව, පුත්තර් වණක්කම් යන ග්‍රන්ථයන් උන්වහන්සේ අතින් රචනා වූ නිර්මාණය. එමෙන්ම ප්‍රාකෘත ප්‍රකාශය, ප්‍රාකෘත මඤ්ජරී, දශකුමාර චරිත ව්‍යාඛාව, පදභෙද විවෘතිය, සිංහල ථූපවංශය, සාසනවංස දීප ව්‍යාඛ්‍යාව යන ග්‍රන්ථ සංස්කරණය කළ නැවත පළ කළහ. වැලිතර විමලසාර තිස්ස මහානාහිමියන් රචිත සීමාලක්ඛණ දීපනිය නවීකරණය කර පලකරහ. තවද තත්වදීපිකා නම් වූ තර්ක සංග්‍රහ විවෘතිය නම් ග්‍රන්ථයද රචනා කලද එය මුද්‍රණය කිරීම අතපසු විය. මේ හැර උන්වහන්සේ ගාථා සහ පද්‍ය බන්ධනයෙහි අතිදක්ෂයෙකි. 

මෙසේ ශාසනික වශයෙන් උන්වහන්සේ සිදු කළ ඉමහත් සේවය අගය කිරීමක් වශයෙන් වලගෙදර සෝමාලෝක තිස්ස අමරපුර මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රවර පමුඛ මහා සංඝ සභාව විසින් 1971 වසරේදී නාගදීප විහාරාධිපති ධම්මකිත්ති තිස්ස හිමිපාණන්ට උතුරු පළාත් සංඝනායක පදවිය පිරිනමන ලදි. 1974 දෙසැම්බර් අගදී වලගෙදර සෝමාලෝක තිස්ස නාහිමියන් අපවත් වූයෙන් එම මහානායක පදවියද ධම්මකිත්ති තිස්ස නාහිමියන්ට පිරිනමන ලදි.

ලිපිනය

+94 213 213 356

 

නාගදීපා රාජමහා විහාරය,
නයිනතිවු, ශ්‍රී ලංකාව

 

nagadeepaviharaya@gmail.com

අපව සබ්ස්ක්‍රයිබ් කරන්න

ස්තූතියි!

ප්‍රයෝජනවත් සබැඳීන්
  • Facebook
  • Twitter
  • YouTube
  • Pinterest
  • Tumblr Social Icon
  • Instagram

© සියලුම හිමිකම් ඇවිරිණි @නාගදීප රජමහා විහාරය | බල ගැන්වීම - ශ්‍රී ලංකා නාවික හමුදාව

bottom of page