
නාගදීප වන්දනාව
යාපනය නගරයේ සිට දිවෙන 30 Km දුර ගොඩබිම් මාර්ගය දීර්ඝ වේලි මාර්ගයක් හරහා කයිට්ස් දුපත දක්වා පැමිණ එතැන් සිට නැවතත් වේලී මාර්ගයක් හරහා පුන්කුඩුතිව් දිවයිනට ලගාවේ. අවට පරිසරය වැලි සහිත තැනිතලා භූමියක් වන අතර තැනින් තැන තල් ගස් පමණක් දක්නට ලැබෙන මෙම භූමි ලක්ෂණ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට වඩා සම්පුර්ණයෙන් වෙනස් ස්වරූපයක් ගනී. පුන්කුඩුතිව් දුපතේ කෙළවරේ පිහිටා ඇති කුරිකඩ්ඩුවාන් (කේකේඩී) ජැටියේ සිට විනාඩි 15 ක පමණ දුරක් බෝට්ටු ගමනකින් පසු නාගදිපයට ළගා විය හැක.
යාපනය නගරයේ සිට පුන්කුඩුතිව් දක්වා ඉතා හොද බස් සේවයක් ඇති අතර එතැන් සිට නාගදිපය දක්වා දිවෙන මගී ප්‍රවාහන බෝට්ටු සේවය සමග ඒකාබද්ධව කටයුතු කරයි. බස් සේවය මෙන්ම බෝට්ටු සේවයද පොදු හා පුද්ගලික අංශයෙන් සිදු කරන හෙයින් එය නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. නාගදීපයට පිවීසීම සදහා පන්සල් ජැටිය සහ කෝවිල් ජැටිය නමින් ප්‍රධාන ජැටි දෙකක් පිහිටා ඇති අතර පන්සල් ජැටිය ඔස්සේ පිවිසෙන වන්දනාකරුවන් හට ජැටිය වෙතින් ගමන් කොට නාගදිප පුරාණ රජමහා විහාරය වෙත පැමිණිය හැක.
රාජායතන ස්ථූපය
බෞද්ධ ඉතිහාසයේ සදහන් පරිදි නාරජුන් අතර අර්බුදයට තුඩුදුන් මැණික් පුටුව, එම ආරවුල විසදීමෙන් පසු ඔවුන් විසින් බුදුරජාණන් වහන්සේට පුජා කරන ලද අතර එය පාරිභෝගික වස්තුවත් වශයෙන් වන ්දනා කිරිම සදහා තැන්පත් කර රාජායතන චෛත්‍ය ගොඩ නගා ඇත. මෙම චෛත්‍ය හුණුගලින් නිමවා ඇති අතර එය නිතර මුහුදු සුළග හා ගැටෙන හෙයින් ඉන් ආරක්ෂා කරීමට රිදී ආලේප කර ඇත.


නාගදීප බෝ සමිඳුන්
අනුරාධපුර මහමෙව්නා උයනෙහි වැඩ හිඳින ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගෙන් හටගත් බෝධි අංකුරයක් ,,,,,,, නාගදීප විහාරස්ථානයට වඩමවා විහාරස්ථානය ඉදිරිපිට මහ මුහුදට ආසන්නයේ රෝපණය කොට ඇත. .......................................


ධාතු මන්දිරය
නාගදීප නවෝදයේ ආදි කතෘ අති ගෞරවනීය රන්දොඹේ සිරි සෝමසිරි මහා ස්වාමිපාදයන් වහන්සේ, බෞද්ධ බැතිමතුන්ට අහිමිව තිබූ නාගදීප පුරාණ රාජමහා විහාරය 1931 වසරේ සිට සුරක්ෂිතව ආරක්ෂා කරන ලද සර්වඥ ධාතුන් වහන්සේ නාගදීප විහාරස්ථානයේ ධාතු මන්දිරය තුළ ධා කරඬුවෙහි තැන්පත් කොට ඇත. දිනපතා උදෑසන, දහවල හා සවස තේවාව සිදු කරමින් පූජෝපහාර පැවැත්වීම සිදු කරනු ලබයි.
නාගදීප විහාරස්ථාන කෞතුකාගාරය
පෞරාණික වස්තූන් හා ජීවිත පරිත්‍යාගයෙන් නාගදීප විහාරස්ථානය රැක ගත් අතිගෞරවනීය රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමිපාණන් වහන්සේ පරිභෝග කළ දෑ තැන්පත් කොට නාගදීප කෞතුකාගාර මන්දිරය ඉදිකොට ඇත.


ප්‍රාර්ථනා සුදු බෝධීන් වහන්සේ
වර්තමාන නාගදීප විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට අනුව ජ්‍යේෂ්ඨ පැවිදි සහෝදර ගෞරවනීය බලබෝවේ විමළකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ පරිත්‍යාගයෙන් වර්ෂ ............... දින විශ්‍රාම ලත් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමන් විසින් රෝපණය කරන ලද ප්‍රාර්ථනා සුදු බෝධීන් වහන්සේ.


කිරිපළු නුගරුක
චූලෝදර මහෝදර නා රජුන් අතර යුද්ධය ඇති වූ අවස්ථාවේ දෙව්රම් වෙහෙරෙහි දකුණු දොරටුව අසල කිරිපළු නුගරුක වාසභවනය කොට සිටි සමිද්ධි සුමන නම් දේවතාවන් විසින් එම කිරිපළු නුගරුක ඡත්‍රයක් සේ ගෙන බුදුරදුන්ට සෙවණ ලබා දෙමින් ලක්දිවට වැඩම කරන ලදි. පැහැදුනු නා රජුන් විසින් එම කිරිපළු නුගරුක රාජායතන චෛත්‍යය අසල ඉඳුවා බුදුරදුන් පරිභෝග කළ වස්තුවක් ලෙස වන්දනාමානයට ලක් කෙරුණි. එම කිරිපළු නුගරුකෙන් හටගත් මහා නුගරුක්ෂය අදටත් නාගදීප බෝ සමිඳුන් අසල රෝපණය කොට ඇත. බොහෝ ජනතාව කිරිපළු නුගරුක වන්දනා කොට ප්‍රාර්ථනාවන් සිදුකර ප්‍රතිපල ලබා ඇති බව බැතිමතුන්ගේ ප්‍රකාශ මගින් තහවුරු වේ. එවන් ආශ්චර්යමත් කිරිපළු නුගරුක වන්දනාවට බොහෝ බැතිමතුන් ඇල්මක් දක්වති.


හිටි පිළිම වහන්සේ
නාගදීප විහාරස්ථානයට අභිනවයෙන් ඉදි වූ විහාරාරංගය ලෙස හිටි පිළිම වහන්සේ හැඳින්විය හැක. රාජ්‍ය වර්ෂ 2021 බක් මස 26 වන පුන් පොහෝ දින, බුදු රජාණන් වහන්සේ නාගදීපයට වැඩමවී වසර 2360ක් ගත වීම සිහි කරනු වස් මෙම හිටි පිළිම බුද්ධ ප්‍රතිමා වහන්සේ නාගදීප පුරාණ රජමහා විහාරාධාපති නායක මාහිමිපාණන් වහන්සේ විසින් ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන ලදි.



නාගදීප විහාරස්ථානයේ සතර මහා දේවාලය
ඈත අතීතයේ සිටම නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වන්දනාවට පැමිණෙන හින්දු බැතිමතුන්ගේ හා අනෙකුත් ජාතීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ස්ථානයකි. බහුල වශයෙන් හින්දු බැතිමතුන් නාගදීප විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවේ ඔවුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ස්ථානයකි නාගදීප විහාරස්ථානයේ සතර මහා දේවාලය. වර්ෂ ගණනාවක ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ නිසා අභාවයට ගොස් තිබූ දෙවොල ඉතා අලංකාරවත් ලෙස නැවත ප්‍රතිසංස්කරණය කරන ලදි.
නාග පොකුණ
බුද්ධ ගයාවේ මුචලින්ද නාගවිල සිහි ගන්වන නාගදීප විහාරස්ථානයේ ඇති නාග පොකුණ බොහෝ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ස්ථානයකි. එම පුරාණ නාග විල ............... දින ප්‍රතිසංස්කරණය කොට ඉදි කරන ලදි.
