top of page

ගරු අග්‍රාමාත්‍ය තුමා විසින් නාගදීප විහාරස්ථානයේ පූජා භූමි සන්නස විහාරාස්ථානයට පූජා කිරීම

2022 මාර්තු 19 වන දින යාපනය නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත “පූජා භූමි සන්නස” (ත්‍යාග ඔප්පුව) පිරිනැමීමේ අවස්ථාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විහාරස්ථාන පරිශ්‍රය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කරන මෙම අවස්ථාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුලු නාවික නිළධාරීන් රැසක් සහභාගී වූහ.


ඔහු පැමිණීමෙන් පසු ගරු නාවික හමුදාධිපතිතුමන් සමඟ අග්‍රාමාත්‍යවරයා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ අමරපුර චූලගන්ති නිකායේ මහානායක පූජ්‍ය ආචාර්ය ගම්තුනේ අස්සජි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවෙහි විශේෂත්වය වූයේ විහාරස්ථානය වෙත පූජා ඔප්පුව පිළිගැන්වීමයි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍යවරයා විසින් “පූජා භූමි සන්නස” නාගදීප පුරාණ රජමහා විහාරාධිපති අමරපුර පාර්ශ්වයේ අඹගහපිටිය නිකායේ උතුරු පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් වෙත පිළිගැන්වීය.

වසංගතය සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැලැක්වීම සඳහා COVID-19 ක්‍රියාපිලිවෙතට අනුකූලව මෙම අවස්ථාවන් පවත්වන ලදී. මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සැදැහැවත් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලිපිනය

+94 213 213 356

 

නාගදීපා රාජමහා විහාරය,
නයිනතිවු, ශ්‍රී ලංකාව

 

nagadeepaviharaya@gmail.com

අපව සබ්ස්ක්‍රයිබ් කරන්න

ස්තූතියි!

ප්‍රයෝජනවත් සබැඳීන්
  • Facebook
  • Twitter
  • YouTube
  • Pinterest
  • Tumblr Social Icon
  • Instagram

© සියලුම හිමිකම් ඇවිරිණි @නාගදීප රජමහා විහාරය | බල ගැන්වීම - ශ්‍රී ලංකා නාවික හමුදාව

bottom of page