top of page

2021 වෙසක් පුණ්‍යෝත්සවය වෙනුවෙන් විහාරය සූදානම් කිරීම

ශ්‍රී බුද්ධ වර්ෂ 2565 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙවර නාගදීප පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2021 මැයි මස 24 වන දින අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ද නාගදීප රජමහා විහාරාධිපති අතිපූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්කිත්ති තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

මේ වන විට නව ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාවේ දායකත්වයෙන් සහ අතිපූජ්‍ය පදුමකිත්ති තිස්ස නාහිමිගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වෙමින් පවතියි. එහිදී සිදු වන කාර්යයන් කීපයක් නම්,

  • බොට්ටු නවත්වන ජැටියේ ප්‍රතිසංස්කරණ කටයුතු

  • නාගදීප පන්සල හරහා ඇති ප්‍රධාන මාර්ගය නවීකරණය කිරීම

  • පන්සලේ බුද්ධ ප්‍රතිමා, ගොඩනැගිලි සහ සියළුම ඉදිකිරීම්හි තීන්ත ආලේපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු

  • අභිනවයෙන් ඉදි වන පිරිනිවන් මංචකය සහ එම විහාර මන්දිරය

  • වැසිකිළි පද්ධතීන් අලුතෙන් ඉදිකිරීම සහ පවතින වැසිකිළි පද්ධතීන් නවීකරණය කිරීම

  • විහාරයේ විදුලි හා ජල සැපයුම් අලුත්වැඩියා කිරීමේ කටයුතු

ලිපිනය

+94 213 213 356

 

නාගදීපා රාජමහා විහාරය,
නයිනතිවු, ශ්‍රී ලංකාව

 

nagadeepaviharaya@gmail.com

අපව සබ්ස්ක්‍රයිබ් කරන්න

ස්තූතියි!

ප්‍රයෝජනවත් සබැඳීන්
  • Facebook
  • Twitter
  • YouTube
  • Pinterest
  • Tumblr Social Icon
  • Instagram

© සියලුම හිමිකම් ඇවිරිණි @නාගදීප රජමහා විහාරය | බල ගැන්වීම - ශ්‍රී ලංකා නාවික හමුදාව

bottom of page